Press "Enter" to skip to content

ඉක්මනින් සුව වන්නේ ඩෙල්ටා ද? ඔමික්‍රෝන්ද ? – නවතම අධ්‍යනයකින් හෙළි වූ දේ

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයෙකුට කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍ර‍‍‍‍‍භේදය ආසාදනය වුවහොත් ඔහු හෝ ඇය සුව වීමේ වේගය, ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයෙකුට සාපේක්‍ෂව ඉහළ බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයෙකුට වඩා දින 03ක් කළින් ඔමික්‍රෝන් ආසාදිතයෙකු සුවය ලබන බවයි එමගින් තහවුරු වී ඇත්තේ.

මේ සදහා රෝගියා එන්නත් මාත්‍රා ද්විත්වය සහ බූස්ටර් මාත්‍රාව ලබා තිබීම අනිවාර්ය වන බව ද එම අධ්‍යනයෙන් පෙන්වා දී තිබෙනවා.

ඔමික්‍රෝන් ප්‍ර‍භේදයේ පැතිරීම වේගවත් වුවද, ඩෙල්ටා ප්‍ර‍භේද ඊට සාපේක්‍ෂව අඩු ව්‍යාප්තියක් පෙන්නුම් කරනවා.

කෙසේ නමුත් ඩෙල්ටා ප්‍ර‍භේදයෙන් ඇතිවන සංකූලතා ඔමික්‍රෝන් ප්‍ර‍භේදයට සාපේක්‍ෂව ඉතා ඉහළ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.
(colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »