Press "Enter" to skip to content

🇱🇰 VS 🇧🇩 පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 379ක් ලබා ගත්තා.

පළමු ඉනිම වෙනුවෙන් පිළිතුරු ලබාදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 465ක් ලබා ගැනීමට සමත් වුණා.

දෙවෙනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබා සිටියා.

තරගයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වුයේ අගනා පිතිකරණයක නියැලුණු ඇන්ජලෝ මැතිව්ස් වේ. (colombotimes.lk)

Viber
More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »