Press "Enter" to skip to content

කොවිඩ් මදිවට තවත් උණක් අමෙරිකාවට ඇතුල්වෙයි

වඳුරු උණ වයිරසය අමෙරිකාවට පැමිණ තිබෙන බව අමෙරිකානු වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා.

කෙසේවෙතත් සමාජය තුළ වඳුරු උණ ව්‍යාප්තියක් සිදු නොවන බව වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ වනවිට වඳුරු උණ වයිරස රෝගය පැතිරෙන රටවල් වන්නේ කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, පෘතුගාලය සහ ස්පාඤ්ඤයයි.

වඳුරු උණ වෛරසයේ ආරම්භය අප්‍රිකා මහද්වීපය ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙය පැපොල රෝගයට සමාන උණ රෝගී තත්වයක්.

මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වඳුරු උණ රෝගියා ලෙස හඳුනා ගැණුනේ මැයි 06 වැනිදායි.
(colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »