Press "Enter" to skip to content

අගෝස්තු මාසයේ සිට ආහාර අර්බුදයක් ගැන අගමැති අනතුරු අඟවයි

ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක් වන බ්‍රිතාන්‍යයේ Sky News වෙත සජීවීව සම්බන්ධවෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය ගැන අදහස් දක්වා තිබෙනවා.

එළඹෙන සහල් වගා කන්නයට අවශ්‍ය පොහොර නොමැතිකම හේතුවෙන් අගෝස්තු මාසයේ සිට ආහාර අර්බුදයක් ඇති විය හැකි බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනතුරු අඟවා තිබෙනවා.

පොහොර නොමැති නිසා සම්පූර්ණ නිෂ්පාදනය නොලැබෙන බැවින් ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ මත දෙකක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සාකච්ඡාවේ නැගූ ප්‍රශ්න වලදී පැහැදිලි කළා.

ගාලුමුවදොර පිටියේ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල අදහස වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බව වුවත්, එය නීතියට අනුව කළ හැකි වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහස බවයි ඔහු එහිදී පැවසුවේ.

එම සම්පූර්ණ සාකච්ඡාවේ වීඩියෝව පහතින්…
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »