Press "Enter" to skip to content

🇱🇰 VS 🇧🇩 ඇන්ජි – චන්දි සුසංයෝගයෙන් දෙවැනි දිනය අද ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ප්‍රථම දිනට චොට්ටොග්‍රාම්හිදී ඊයේ (15) පැවැත්වුණා.

ඊයේ (15) දිනය සඳහා තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 258ක්.

තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල කඩුලු 2 ලකුණු 66කදී බිද වැටුණා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 09කට දැවී ගිය අතර ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලකුණු 36ක් ලබාගත්තා.

අනතුරුව පිටියේ ස්ථාවර වූ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් තුන්වැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් ගොඩනැගුවා.

13 වැනි ටෙස්ට් අර්ධ ශතකය ද සමගින් මෙන්ඩිස් ලකුණු 54ක් ලබා ගත්තා.

ධනංජය ද සිල්වා ලකුණු 6කට දැවී ගියා.

12 වැනි ටෙස්ට් ශතකය රැස් කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 114යි ලබාගත් අතර 4 පහර 14ක් සහ 6 පහරක් ඊට ඇතුළත් වුණා.

මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් 5 වැනි කඩුල්ලට ලකුණු 75ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගා සිටිනවා.

එහි දී චන්දිමාල් නොදැවී ලකුණු 34ක් ලබාගෙන සිටින අතර බංග්ලාදේශය වෙනුවෙන් නයීම් හසන් කඩුලු 2ක් දවා ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා – බංගලාදේශ පලමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
(colombotimes.lk)

Viber
More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »