Press "Enter" to skip to content

ඉන්දීය නිළි පල්ලවී සමඟ හේමාල් රණසිංහ කොලිවුඩ් කැළඹීමට සූදානම් (VIDEO)

ඉන්දීය නිළි පල්ලවී සුභාෂ් අද (18) පෙරවරුවේ මෙරටට පැමිණ තිබෙනවා.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 142 දරණ ගුවන් යානයෙන්.

ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සිලයේ විශේෂ සේවාවන්හි අධ්‍යක්ෂ තිලක් ධර්මසිරි මහතා සහ සිද්ධිවිනායක් සිනෙ ආර්ට්හි සභාපතිනි, සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ සම නිෂ්පාදිකා කෞෂල්‍යයා වික්‍රමසිංහ මහත්මිය විසින් ගුවන් තොටුපළ පරිශ්‍රයේදී ඇයව පිළිගනු ලැබුවා.

“ඩාර්ක් රුම් ක්‍රියේෂන්ස්” වෙනුවෙන් කෞශල්‍යා වික්‍රමසිංහ ප්‍රථම වරට සම නිෂ්පාදනයෙන් දායක වුණා.

“සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම අද රාත්‍රී 7.00ට කොළඹ “සිනමන් ලේක්සයිඩ්” හෝටලයේ දී පැවැත්වෙනවා.

එමෙන්ම හෙට (19) පස්වරු 4:00ට බත්තරමුල්ල “ලයිට් ඔෆ් ඒෂියා සෙන්ටර්හිදී” මාධ්‍ය සාකච්ජාවක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා – ඉන්දියා සම නිෂ්පාදනයෙන් නිර්මාණය වූ “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය ජුනි අග මාසයේදී ලොවපුරා තිරගත වීමට නියමිතයි.

මෙය “Suspense, Thriller, Fantacy” ගණයට අයත් චිත්‍රපටයක්.
(colombotimes.lk)

Viber