Press "Enter" to skip to content

Snapchat භාවිතා කරන අයට සුභ පණිවිඩයක්

2011 දී Snapchat දියත් කළ දා සිට පරිශීලකයින් වඩාත්ම ඉල්ලූ විශේෂාංග වලින් එකක් වන්නේ පරිශීලක නාමය වෙනස් කිරීමට අවස්තාව ලබා දීමයි. ඒ අනුව මේ වන විට එම ආයතනය පරිශීලකයින්ට ඔවුන්ගේ පරිශීලක නාමය වෙනස් කිරීමට ඉඩ දෙන බවට තහවුරු කර තිබෙනවා.

මෙය අද 23 සිට ක්‍රියාත්මක වන බව සඳහන්.

ඒ අනුව පරිශීලකයින්ට ඔවුන්ගේ මිතුරන්ගේ ලැයිස්තුව, Snap කේතය, Snap ලකුණු හෝ මතකයන් වලට කිසිදු බලපෑමක් නොමැතිව ඔවුන්ගේ පරිශීලක නාමය වෙනස් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

මෙය කෙටි කාලයකදී වෙනස් වන සුළු යෙදුමක් බවත්, තම ආයතනය මිනිසුන්ගේ වෙනස් වන සුළු බව පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන සිටින බවත් ඒ අනුව පසුගිය වසර දහය පුරා සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම විශේෂාංගය Snapchatters වෙත ගෙන ඒමට කටයුතු කර තිබෙන බවයි Snapchat ප්‍රකාශකයෙක් පැවසුවේ.

Snapchat පරිශීලක නාමය ඔබ මුලින්ම ඔබගේ Snapchat ගිණුම සාදන විට ඇතුලත් කළ යුතු අතර, ආරක්ෂක හේතූන් මත මේ දක්වා එය වෙනස් කිරීමට අවසර ලබා දී තිබුණේ නැහැ.

නමුත් මේ වන විට පරිශීලක නාමයන් සම්බන්ධයෙන් නම්‍යශීලී බවක් ලබා දෙන, පරිශීලක හැඳුනුම්පත පදනම් කරගත් පද්ධතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පරිශීලක නාමය වෙනස් කළ හැකි ආකාරය වන්නේ…

Snapchat යෙදුම විවෘත කර Profile Screen වෙත යාමට, කැමරාවේ ඉහළ දකුණු කෙළවරේ ඇති Bitmoji Icon Tap කරන්න.

ඒ අනුව පැතිකඩෙහි ඉහළ දකුණු කෙළවරේ Gear Icon මත තට්ටු කිරීමෙන් Settings වෙත පිවිසිය හැක.

නමට පහළින් ‘Username’ Tap කර නිල් පැහැයෙන් සලකුණු කර ඇති ‘Change Username’ තෝරන්න.

නව පරිශීලක නාමයක් ටයිප් කර, Next Option එක ලබා දෙන්න, ක්‍රියාවලිය අවසන් කිරීමට Snapchat වෙත නැවත ලොග් වන්න.

එමෙන්ම පරිශීලකයින්ට ඔවුන්ගේ පරිශීලක නාම වෙනස් කිරීමේ හැකියාව ලබා දීම සම්බන්ධයෙන් වැදගත් අවවාදයන් (caveats) කිහිපයක් තිබෙනවා.

Snapchatters හට ඔවුන්ගේ පරිශීලක නාමය වසරකට වරක් පමණක් වෙනස් කිරීමට හැකි වනු ඇති අතර, කලින් හිමි වූ ඕනෑම පරිශීලක නාමයක් වෙත (ඔවුන් ලබාගත් නාමයන්ද ඇතුළුව) ආපසු යාමට නොහැකි වනු ඇත.

පරිශීලක නාමය වෙනස් කිරීම මිතුරන් ලැයිස්තු, Snap කේතය, Snap ලකුණු හෝ මතකයන් කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරනු ඇත.

මෙම යාවත්කාලීන කිරීම ‘අපහසුතාවයට පත්වන සුළු’ පරිශීලක නාමයන් සමඟ සිරවී සිටින බොහෝ Snapchat රසිකයින්ට විශාල සහනයක් ලබා දී ඇත.

මෙම යාවත්කාලීන කිරීම සිදුවන්නේ Snapchat ආයතනය Ticketmaster සමඟ එක්වීමෙන් අනතුරුවයි. එයට හේතුව ‘Ticketmatcher’ නම් නව මෙවලමක් සංවර්ධනය කිරීමට ඔවුන් තීරණය කර තිබීමයි. ඉන් අනතුරුව පරිශීලකයින්ට ඔවුන්ගේ රුචිකත්වයන් මත ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදීමට යෝජනා වී තිබෙනවා.

Ticketmatch විශේෂාංගයට එහි පළමු යෙදුම තුළ Mini – Snapchat හි සමාජ අත්දැකීම් සඳහා වේදිකාවක් ඇතුළත් කර තිබෙනවා.
(colombotimes.lk)

Viber