වෙනදට ගහන එක කඳුළු ගෑස් එක සින්ගල් පීස් එකක්. ඒ කියන්නෙ තනි කැනියෙස්ටර් එකක්. ඒක අරගෙන නැවතත් පොලීසිය පැත්තටම විසි කරන්න පුලුවන්.
හැබැයි ඊයේ පාවිච්චි කළ කඳුළු ගෑස් එක කෑලි තුනකට කැඩෙනවා. ඊට පස්සේ කැඩිලා ගෑස් නිකුත් වෙනවා.
මේ කඳුළු ගෑස් එකේ මොඩල් එක N 500 – CS Gas Hand Grenade. බොහෝ විට හදපු රට වෙන්නේ කොරියාව.
මේවා පාවිච්චි කරන්නෙ ප්රාණ ඇපකරුවන් මූදාගන්න වගේ දේ වලට. අනිත් දේ තමයි මේක ඉතා ක්රියාකාරී නිසා සෑහෙන්න වෙලාවක් වාතයේ රැදිල තියෙනවා.
මේ ජාතියේ කඳුළු ගෑස් එකකින් ප්රහාරයක් එල්ල වුණොත් කරන්න තියෙන හොඳම දේ තමයි මේක වැටිල තත්පර 2-3 ක් ඇතුලට කැනියෙස්ටර් එකට වතුර හලන එක.
අනිත් දේ මේක සාම්ප්රදායික ගෑස් එකට වඩා අමාරුයි. පුලුවන් තරම් විසිරෙන්න. ඈත් වෙන්න. වතුරේ පිහිට ලබාගන්න. කැඩුණු කොටස් අතින් අල්ලන්න එපා. අත පිච්චෙනවා.
ගෑස් එකට නිරාවරණය වෙන්න කලින් ෆේස් මාස්ක් එකෙන් පොඩි ගැලවීමක් තියෙනවා. නිරාවරණය වූ පසුව ක්ෂණිකව වතුරෙන් හෝදගන්න.
ඇස් දැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුතා පැය කිහිපයක් යනකං ඔබට තියෙයි. පුලුවන් තරම් ඇදුම් සැහැල්ලු කරගෙන ඉන්න. ගෑස් ඇති පරිසරයෙන් ඈත් වෙලා හුස්ම ගන්න.
මේවා පාවිච්චි කරන්නෙ ප්රාණ ඇපකරුවන් මූදාගන්න වගේ දේ වලට. අනිත් දේ තමයි මේක ඉතා ක්රියාකාරී නිසා සෑහෙන්න වෙලාවක් වාතයේ රැඳිලා තියෙනවා.
(colombotimes.lk) | තොරතුරු මුලාශ්ර: අන්තර්ජාලයෙන්



