පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4,000ක් ඈතින් පිහිටි අද්භූත වස්තුවක් පිළිබඳව පරීක්ෂකයින් තොරතුරු අනාවරණය කරනවා. එය අභ්‍යවකාශයේ මින් පෙර දැක ඇති කිසිවකට වඩා වෙනස් බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ.
එය නියුට්‍රෝන තරුවක් හෝ සුදු වාමන තරුවක් විය හැකි බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම කඩා වැටුණු තරු වල ඉතිරි වූ හරයන්ගෙන් සැදුම්ලත් අති බලගතු චුම්බක ක්ෂේත්රයක් සහිත, චුම්බකයක් ලෙසද මෙය හැඳින්වෙනවා.

එය විශ්වය හරහා භ්‍රමණය වන බවද පරීක්ෂකයින් පවසනවා. මෙම වස්තුවෙන් “භයානක” හා විකිරණ කදම්භයක් යවන අතර, සෑම විනාඩි 20කටම එක මිනිත්තුවක් එය රාත්‍රී අහසේ දීප්තිමත්ම දිස්වන වස්තුවක් ලෙස දර්ශනය වන බවද ඔවුන් පවසනවා.
එමෙන්ම නිරීක්ෂණවලින් පෙනී යන්නේ එය පැයකට තුන් වතාවක් යෝධ බලශක්ති පිපිරීමක් නිකුත් කරන බවයි.
ඕස්ට්‍රේලියාවේ ගුවන්විදුලි තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICRAR), Curtin විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය Natasha Hurley-Walker විසින් මෙම සොයාගැනීම සිදු කළ කණ්ඩායමට නායකත්වය දී තිබෙනවා.

ඇගේ කණ්ඩායම විශ්වයේ රේඩියෝ තරංග සිතියම් ගත කරමින් සිටියදී මෙම විභව චුම්භකය හමුවී තිබෙනවා.
Curtin විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය Tyrone O’Doherty විසින් බටහිර ඕස්ට්‍රේලියාවෙන් පිටත පිහිටි, Murchison Widefield Array (MWA) දුරේක්ෂය භාවිතයෙන්ද මෙම ආකාශ වස්තුව නිරීක්ෂණය කර තිබෙනවා.
විශ්වයේ පවතින On සහ Off (ක්‍රියාත්මක සහ අක්‍රිය) වන ආකාශ වස්තු අලුත් දෙයක් නොවේ. තාරකා විද්‍යාඥයන් ඒවා තාවකාලික ආකාශ වස්තු ලෙස හඳුන්වනවා. ඉන් සමහරක් දින කිහිපයකින් දිස්වී මාස කිහිපයකට පසු අතුරුදහන් වන අතර අනෙක් ඒවා මිලි තත්පර හෝ තත්පර කිහිපයකින් On සහ Off වනවා.

කෙසේ වෙතත්, ICRAR-Curtin තාරකා භෞතික විද්‍යාඥ සහ සම කර්තෘ ආචාර්ය Gemma Anderson පැවසුවේ මිනිත්තුවකට ක්‍රියාත්මක වූ යමක් සොයා ගැනීම අසාමාන්‍ය වූ දෙයක් බවයි.
මෙම අද්භූත වස්තුව සූර්යයාට වඩා ඇදහිය නොහැකි තරම් දීප්තිමත් වන අතර එය සූර්යයාට සාපේක්ෂව ඉතා කුඩා වස්තුවක් බවද පරීක්ෂකයින් පවසනවා. නමුත් මෙහි අතිශයින් ප්‍රබල චුම්භක ක්ෂේත්රයක් ඇතැයි සිතිය හැකි ආකාරයේ රේඩියෝ තරංග විමෝචනය කරන බවත් ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.
මේ වන විට එම වස්තුව නැවත ක්‍රියාත්මක වේද ? නැද්ද ? යන්න පරීක්ෂණ කණ්ඩායම විසින් නිරීක්ෂණය කරමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

තවත් හඳුනාගැනීම් මගින් තාරකා විද්‍යාඥයින්ට මෙය දුර්ලභ තනි සිදුවීමක් ද එසේත් නැතිනම් අප මින් පෙර කිසි දිනක දැක නොතිබූ විශාල නව ජනගහණයක් ද යන්න සොයා ගැනීමට හැකි වනු ඇති බවද පරීක්ෂකයින් පවසනවා.
(colombotimes.lk)


