Last updated on May 19, 2022
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3වන දිනය නිමාවට පත්වුණා.
ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 318ක් රැස්කර ගැනීමට සමත්වුණා.
අද දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 53ක් සහ ලිටන් දාස් ලකුණු 54ක් ලබා ගෙන තිබුණා.
එමෙන්ම පන්දුව හිසේ වැදීමෙන් ඉවත්වූ විශ්ව ප්‍රනාන්දු වෙනුවට ආදේශ කළ කසුන් රාජිත කඩුලු 2ක් ලබා ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව වන්නේ 397කි.
තරඟයේ තෙවන දිනය වූ අද දිනය අවසානයේ ලකුණු පුවරුව.,
ශ්‍රී ලංකා පළමු ඉනිම – 397/10 (153)
Angelo Mathews – 199
Dinesh Chandimal – 66
Kusal Mendis – 54
Oshada Fernando – 36
Vishwa Fernando – 17
Nayeem Hasan – 105/6
Shakib Al Hasan – 60/3
බංගලාදේශ පළමු ඉනිම – 318/3 (107)*
Tamim Iqbal – 133*
Mahmudul Hasan Joy – 58
Mushfiqur Rahim – 53*
Litton Das – 54*
Kasun Rajitha – 17/2 (colombotimes.lk)

