Press "Enter" to skip to content

නිවසේ සිටම තොරණ් බලන්න හැකි Digital වෙසක් කලාපය මෙන්න

සම්බුදු තෙමගුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් මෙවරත් මහජන බැංකුව සිත් නිවා සනහාලන විශේෂ ආමිස පූජාවක් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සම්බුදු වන්දනා 2022 – සැම සිත් නිවන ඩිජිටල් වෙසක් කලාපයයි.

නවීන තාක්ෂණය උපරිමව භාවිතා කර ඇති මෙම වෙසක් කලාපය තුළදී බුදුන් වහන්සේ දේශනා කළ දුම්මේධ ජාතකය ඇතුලත් Digital තොරණ ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම මොහොතක නැරඹීමේ හැකියාව හිමි වනවා.

ඊට අමතරව සතුටින් ඉන්න මඟ, ජීවිතයේ ප්‍රශ්න වලදී හරි පිළිතුර තෝරා ගන්නා අයුරු, කලණ මිතුරන් සිටිය යුත්තේ ඇයි?, සම්මා සතියට කළ හැකි දේ, මුදල් කළමනාකරණය සහ ලේසි පාර නොව හරි පාර තෝරා ගත යුත්තේ ඇයි? ආදී මාතෘකා ඔස්සේ ඉතාමත් වටිනා ධර්ම දේශනා මාලාවක් නුගේගොඩ, ගංගොඩවිල සුනේත්‍රා මහා දේවී ථේරවාද ජාත්‍යන්තර මධ්‍යස්‌ථානාධිකාරී දර්ශනපති පුජ්‍ය පුස්සැල්ලයායේ චන්දිම හිමි ඔබේ වෙත ගෙන එනවා.

ඒ වගේම මෙවර වෙසක් පොහොය දිනය වෙනුවෙන් ඔබේ ආදරණීයයන් හට සුබ පැතීම සඳහා වෙසක් E – cards ද දැන් ඔබට සම්බුදු වන්දනා වෙසක් කලාපය හරහා ලබා ගත හැකියි.

මහජන බැංකුව බැතිබරව ඉදිරිපත් කරන මෙම සම්බුදු වන්දනා වෙසක් කලාපයේ නිර්මාණ සහ තාක්ෂණික බලගැන්වුම Digital Content සහ Digital Writers වෙතිනි.

සම්බුදු වන්දනා වෙසක් කලාපයට පිවිසෙන්න මේ Link එක Click කරන්න…
(colombotimes.lk)

Viber