Press "Enter" to skip to content

වසර 30 කට පසුව ප්‍රංශයේ අගමැති ධූරයට කාන්තාවක් (VIDEO)

ප්‍රංශයේ නව අගමැති ලෙස එලිසබෙත් බෝර්න් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට අගමැති ධුරයට කාන්තාවක් පත් වී ඇත්තේ වසර 30කට පසුවයි.

හිටපු අගමැති ජීන් කාස්ටෙක්ස් වෙනුවට එලිසබෙත් බෝර්න් මින් ඉදිරියට කටයුතු කරනු ඇති බවයි පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශයේ ජනාධිපති කාර්යාලය සඳහන් කර ඇත්තේ.

මීට පෙර ප්‍රංශයේ කම්කරු, ප්‍රවාහන සහ පාරිසරික අමාත්‍යවරිය ලෙස කටයුතු කළ 61 හැවිරිදි එලිසෙබත් බෝර්න් ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ ජනපති සටනේදී වැඩි කාර්යභාරයක් ඉටු කර තිබුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
(colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »