Ex Machina සිට Robocop දක්වා, මානවරූපී රොබෝවරු වසර ගණනාවක් තිස්සේ විද්‍යා ප්‍රබන්ධ බ්ලොක්බස්ටර්වල පෙරමුණ ගෙන සිටිනවා.
නමුත් මේ වන විට මිනිසුන්ට සමාන රොබෝවරු යථාර්ථයක් බවට පත්වෙමින් පවතිනවා.

නවතම රොබෝ නිර්මාණය වන ඇඩ්රාන් (Adran) ලෙස නම් කර ඇති රොබෝ හිසෙහි අභිරුචි ක්‍රියාකාරී යන්ත්‍ර 22 ක් ඇති අතර මේ හේතුවෙන් එයට මිනිසෙකුට මෙන් ඇස් සහ මුඛය චලනය කිරීමට හැකියාව තිබෙනවා.
ඇඩ්රාන් ක්‍රියාවෙහි යෙදෙන වීඩියෝවක දැක්වෙන්නේ කැමරාව දෙසට ඇසිපිය ගසමින්, තම හකු දෙපැත්තට ගෙන ගොස් සිනහසෙමින් සිටින බවයි.
ඉන්ජිනියර්ඩ් ආර්ට්ස් වීඩියෝව එහි යූ ටියුබ් නාලිකාවට මෙම වීඩියෝව පළ කර තිබුණා.
Adran යනු ‘Mesmer’ ලෙසින් ඉන්ජිනියර්ඩ් ආර්ට්ස් පරීක්ෂකයන් විස්තර කරනවා. එනම් එය බලගතු, අලංකාර සහ පිරිවැය මෙන්ම ඵලදායී යථාර්ථවාදී මානවරූපී රොබෝවරුන් තැනීමේ පද්ධතියකි.
Cornwall පදනම් කරගත් සමාගමට අනුව, Mesmer රොබෝවරුන්ට මිනිස් හැඟීම් විශාල පරාසයක් ප්‍රදර්ශනය කළ හැකි අතර ඕනෑම කෙනෙකුට සමාන විය හැකිය.
ඒ අනුව ඔවුන් අදහස් දක්වා ඇත්තේ, ‘සෑම Mesmer රොබෝවක්ම නිර්මාණය කර ගොඩනගා ඇත්තේ සැබෑ මිනිසුන්ගේ ත්‍රිමාණ අභ්‍යන්තර ස්කෑන් වලින්. එමඟින් අපට මිනිස් අස්ථි ව්‍යුහය, සමේ වයනය සහ ප්‍රකාශන ඒත්තු ගැන්වෙන ලෙස අනුකරණය කිරීමට ඉඩ සලසයි.’ යනුවෙන්.

Mesmer රොබෝවක් නිර්මාණය කිරීම සඳහා, Engineered Arts ප්‍රථමයෙන් සෑම කෝණයකින්ම විෂයයේ රූප ග්‍රහණය කර ගැනීමක් සිදුකර තිබෙනවා. ඒ සඳහාඅභිරුචි ත්‍රිමාණ ස්කෑනිං ‘ෆොටෝග්රැමිට්රි රිග්’ භාවිතා කරනවා.
පසුව ඒවා පික්සල් වර්ණ සංසන්දනය කිරීමෙන් සහ ලක්ෂ්‍ය අර්ථ දැක්වීමක් සිදු කරනවා. පසුව ත්‍රිමාණ ආකෘතියකට ඩිජිටල් ලෙස ප්‍රතිනිර්මාණය කරනවා.
ෆොටෝග්රැමිට්රි රිග් එකෙන් ත්‍රිමාණ ඩිජිටල් ආකෘතිය නිර්මාණය කළ පසු, ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් ඩිජිටල් මාදිලියේ නිවැරදි අච්චුවක් නිපදවනවා.

එහිදී හිසකෙස් සහ සමේ වර්ණය වැනි සියුම් විස්තර අතින් එකතු කිරීමට පෙර, අච්චුවට සිලිකොන් එන්නත් කරනවා.
අවසාන වශයෙන්, සිලිකොන් සම රොබෝ හිසක් මත තබා, බොට් හට සැබෑ මුහුණක් මෙන් චලනය වීමට ඉඩ සලසනවා.
මෙලෙස රොබෝ යන්ත්‍රයක් සෑදීමට කොපමණ මුදලක් වැය වේදැයි ඔවුන් මෙතෙක් ප්‍රකාශ කර නැහැ
එහි වෙබ් අඩවියේ දක්වා ඇත්තේ ‘අපේ රොබෝවරු සියල්ලම අභිරුචිකරණය කළ හැකි බැවින් අපට ස්ථාවර මිලක් නොමැති බවත් එය කෝපි කෝප්පයයක් මිලදී ගන්නා මිලට වඩා වැඩි සහ දූපතක් මිලදී ගන්නා මිලට වඩා අඩු බවයි.
මින් පෙර මෙම සමාගම Ameca නමින් හැඳින්වෙන ‘ලෝකයේ වඩාත්ම දියුණු’ මානවරූපී රොබෝව එළිදක්වනු ලැබුවා.
(colombotimes.lk)


