Press "Enter" to skip to content

Huawei සහ ZTE සමාගම් වලට තවත් රටකින් තහනමක්

චීනයේ ප්‍රධාන දුරකථන උපාංග සමාගම් දෙකක් සඳහා තහනමක් පැනවීමට පියවර ගන්නා බව කැනඩාව පවසනවා.

ඒ අනුව 5G දුරකථන ජාලය දියුණු කිරීමෙන් වළකින ලෙස කැනඩා බලධාරීන් විසින් Huawei සහ ZTE සමාගම් වලට දන්වා තිබෙනවා.

එරට කර්මාන්ත අමාත්‍ය ෆ්රැන්කොයි පිලිපේ පවසන්නේ එමගින් කැනඩා ජාතිකයින්ගේ “ආරක්ෂාව සහ නිදහස” ආරක්ෂා වන බවයි.

මේ වනවිට එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව සහ නවසීලන්තය මේ වනවිට එම චීන සමාගමවලට එරෙහිව යම් යම් සම්බාධක පනවා තිබෙනවා.
(colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »