ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Volkswagen ආයතනය විසින් all-electric ID Buzz වාහනය එළි දක්වා තිබෙනවා. මෙය 1960 ගණන්වල ජනප්‍රිය ‘hippy’ කැම්පර් වෑන් රථයේ නවීන මාදිලිය ලෙස එළිදක්වා ඇති අතර එය මේ වසර අගදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

ID Buzz හි රියදුරු ඇතුළුව මගීන් පස් දෙනෙකුට අසුන් ගත හැකි අතර නිවාඩු සංචාර සඳහා විශේෂයෙන් භාවිතා කළ හැකියි. මෙහි ගමන් මලු දැමීම සඳහා litres 1,121ක් අමතර ඉඩක් තිබෙනවා.
මෙය පරිසර හිතකාමී මෝටර් රථයක් වන අතර ප්‍රතිචක්‍රීකරණය කරන ලද කෘත්‍රිම ද්‍රව්‍යවලින් සාදා තිබීම විශේෂත්වයක් වනවා. මෙය අභ්‍යන්තරයට සතුන්ගේ “සැබෑ සම්වලින්” සෑදූ කිසිවක් යොදා ගෙන නොමැති බවද සඳහන් වනවා. නමුත් මෙම වෑන් රථය සුඛෝපභෝගී වන අතර, “විවේකාගාරයක් වැනි” හැඟීමක් පාරිභෝගිකයාට ලබා දීමට සමත් වී තිබෙනවා.

එහි ස්වයංක්‍රීය විශේෂාංග වන “Car2X”, මඟින් කාලීන උපද්‍රව හඳුනා ගැනීමට, වෙනත් වාහන සහ ප්‍රවාහනයේදී භාවිතා කරන සංඥා සහ මාර්ගයක ස්වයංක්‍රීය වාහන නැවැත්වීම සඳහා වන ‘Memory Function’ ඇතුළත් වේ.
Volkswagen විශ්වාස කරන්නේ ආසන පහකින් යුත් වෑන් රථය “නගර අභ්‍යන්තර ප්‍රවාහනයේ අනාගත” කොටසක් වනු ඇති බවයි.

ID Buzz රථය ප්‍රථම වරට සංකල්පයක් ස්වරූපයෙන් “2017 Detroit” මෝටර් රථ ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ, එය 2022 දී වෙළෙඳපොළ සඳහා ඉදිරිපත් කරන බවට වූ පොරොන්දුවත් සමඟයි.
මෙම මෝටර් රථයේ පළමු බෙදාහැරීම යුරෝපයේදී සිදු වන අතර, එළඹෙන මැයි මාසයේ සිට එක්සත් රාජධානිය ඇතුළු සමහර රටවලට කල්තියා ඇණවුම් කළ හැකි වනවා.

එය පවුම් 40,000ක මිලකින් යුතුව අලෙවි වනු ඇති බවට වාර්තා වුවද, මිල ගණන් පිළිබඳව තවමත් නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැත.
මීට අමතරව Volkswagen විසින් ID Buzz Cargo නමින් හැඳින්වෙන මෙහි දෙවන අනුවාදය පිළිබඳවද මේ වන විට නිවේදනය කර තිබෙනවා. එය 2025 වසරේදී වෙළඳපොළට හඳුන්වා දීමට නියමිත අතර පවුම් 50,000 ක් ලෙස එහි මිල තීරණය විය හැකි බව සඳහන්.

Volkswagen මගී මෝටර් රථ කළමනාකරණ මණ්ඩලයේ සභාපති Ralf Brandstätter මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ “ID Buzz යනු විදුලි යුගය සඳහා වන සැබෑ නිරූපකයක් වන අතර Volkswagen සමාගමට පමණක් නිපදවිය හැකි මෝටර් රථයක්” යනුවෙනි.
එමෙන්ම “ID Buzz ජීවන රටාව වෙනස් කිරීමට සමත් වනවා සේම නිදහස්, තිරසාර, සම්පූර්ණයෙන්ම ජාලගත සහ ස්වයංක්‍රීය රිය පැදවීම යන සංකල්ප ජනතාවට හුරුකරනවා.” යනුවෙන්ද ඔහු සඳහන් කළා.

Volkswagen ආයතනයට අනුව, ID Buzzහි “iconic front” එක සමඟ V-හැඩැති ඉදිරිපස පුවරුවක් ඇත. එහි අතර මැද “charismatic” LED හෙඩ් ලයිට් මෙන්ම two-tone paintwork නිර්මාණය කර තිබෙනවා.
පුද්ගලයන් පස් දෙනෙකු සමඟ, ගමන් මලු litres 1,121 ක් සඳහා මෙහි ඉඩකඩ තිබෙනවා. නමුත් දෙවන ආසන පේළිය පහතට නැමුවහොත්, මෙම පැටවීමේ ධාරිතාව 2,205 දක්වා වැඩි වේ.

ID Buzz සියල්ලම විද්‍යුත් පරිපත මඟින් සිදුවන අතර එය කාබන්-උදාසීන බවට පත් කිරීමට සමත් වේ. එමෙන්ම මෙහි 77 kWh බැටරියක් ඇත. එය නැවත ආරෝපණය කිරීමට ප්‍රථම සැතපුම් 250 ක පරාසයක් තුළ භාවිතා කළ හැකි බව සඳහන්.
170-kW ප්‍රමාණයක් ආරෝපණය කිරීමෙන් වාහනයේ බැටරිය විනාඩි 30 කින් 5 – 80 % දක්වා charge කරගත හැකිය.
ID Buzz සහ ID Buzz Cargo යනු ශුන්‍ය විමෝචන වාහන වන අතර, එම වාහනයේ අයිතිකරුවන්ට එය දේශගුණික අභියෝගවලට මුහුණ දීමට පවා හැකියාව ලබාදේ.
මෙහි අඟල් 5.3 ක තිරයක් මඟින් වත්මන් වේගය සහ විදුලි බැටරියේ ඉතිරිව ඇති පරාසය ඇතුළු තොරතුරු සපයයි.

ID Buzz සතුව “bidirectional charging” යනුවෙන් හැඳින්වෙන අංගයක් ඇති අතර, එමඟින් පරිශීලකයින්ට මෝටර් රථ බැටරි වලින් ශක්තිය ලබාගෙන එමගින් නැවත වාහනයට අවශ්‍ය විදුලිබල සැපයීම ලබාදිය හැකියි.
වෙනත් වචන වලින් කිවහොත්, එය විදුලි මෝටර් රථයේ තාවකාලික බලශක්ති සංචිතයක් ලෙස භාවිතා කිරීමට හැකිය.
Wired පෙන්වා දෙන පරිදි, පරිශීලකයින්ට වාහනය සඳහා අවශ්‍ය විදුලිය දිවා කාලයේදී ආරෝපණය කළ හැකි ඇත පසුව එය නැවත ඔවුන්ගේ නිවසේ ඇති විදුලිය ගබඩා කරන බැටරියට ලබා දිය හැක.
මෙම නව ක්‍රමය Volkswagen Commercial Vehicles විසින් ජර්මනියේ Hanover හි ප්‍රධාන කම්හලේ නිෂ්පාදනය කරනු ලබයි.

Volkswagen Commercial Vehicles අනාගතයේදී තවත් විද්‍යුත් මාදිලි ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි පරිවර්තන ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බවද එම සමාගම පවසනවා.
Volkswagen හි මුල් කැම්පර් වෑන් රථය වන flower-power Sixties hippy trail ඉතා සාර්ථක වූ වාහන නිර්මාණයක් වූ අතර එය පරම්පරා ගණනාවක් තිස්සේ ඉතා ප්‍රසිද්ධියක් උසුලමින් පාරිභෝගිකයින් අතර භාවිතා වී තිබෙනවා.
මෙම රථය ප්‍රථම වතාවට නිෂ්පාදනය කර ඇත්තේ 1979 වසරේ වන අතර එය 2013 අවසානය දක්වා බ්‍රසීලයේ දීර්ඝ ඉතා ජනප්‍රියව භාවිතා වී තිබෙන බවද වැඩිදුරටත් සඳහන්.


