Press "Enter" to skip to content

🇱🇰 VS 🇧🇩 පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ අවසන් දිනය අදයි

ශී‍්‍ර ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ අවසන් දිනය අදයි.

සිව්වන දිනය වූ ඊයේ තරඟය නතර කරන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුඵ දෙකක් දැවී ලකුණු 39ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින දිමුත් කරුණාරත්න ළකුණු 18 ක් ලබා සිටිනවා.

ඕෂධ ප්‍රනාන්දුට රැස්කර ගත හැකි වූයේ ලකුණු 19 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියඵ දෙනා දැවී ලකුණු 397 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 465 ක් රැස් කළා.
(colombotimes.lk)

Viber
More from | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬More posts in | 𝐃𝐚𝐢𝐥𝐲 𝐒𝐩𝐨𝐫𝐭𝐬 »