Press "Enter" to skip to content

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ට තිබූ තවත් බාධකයක් ඉවත්කෙරේ

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන් වෙනුවෙන් පැවති අවසාන කොවිඩ් පරීක්ෂණ බාධකයද අද සිට ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ගුවන් යානයට පිවිසීමට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාව අද සිට ඉදිරිපත් කිරීම අනිවාර්ය වන්නේ නැහැ.

මෙතෙක් පැය 72 කට පෙර ලබාගත් PCR හෝ රැපිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්යව පැවතුණා.

මින් ඉදිරියට ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන් පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින බවට වන වාර්තා පමණක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.

නිසි එන්නත්කරණයට ලක්ව නොමැති සංචාරකයන් තවදුරටත් ඔවුන්ගේ වියදමින් නිරෝධායනය විය යුතු වනවා.
(colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »