සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස්කිරීමට සමත්වුණා.
ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් අවසන් කඩුල්ල ලෙස ලකුණු 199ට දැවි ගියා.
ඒ අනුව ඔහුට සිය ටෙස්ට් දිවියේ දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට තිබූ අවස්ථාව අහිමි වී ගියා.
කුසල් මෙන්ඩිස් (54), දිනේෂ් චන්දිමාල් (66) ශ්රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වූවා.
බංග්ලාදේශය වෙනුවෙන් නයීම් හසන් ලකුණු 105ට කඩුලු 06ක් හා ශකිබ් අල් හසන් ලකුණු 60ට කඩුලු 03ක් දවාගත්තා.
(colombotimes.lk)