දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රටේ පවතින තත්ත්වය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමින් තමන් නැවත කිසි දිනෙක පාර්ලිමේන්තුවේ කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය අලි සබ්රි පවසනවා.
රටේ වත්මන් ආදායම රු. ට්‍රිලියන 1.4 ක් වන අතර වියදම රු. ට්‍රිලියන 3.4 ක් බවයි අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ.
විරෝධතා පැවැත්වීමෙන් සහ නිවේදන නිකුත් කිරීමෙන් හෝ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමෙන් වත්මන් අර්බුදය විසඳිය නොහැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
කෙසේ වෙතත්, ජාතියට ආදරය කරන, නිසිලෙස බදු ගෙවූ යහපත් පුද්ගලයකුට අනාගතයේදී පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවන මතු පරපුරට මග පාදා දෙන ලෙස අලි සබ්රි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.
(colombotimes.lk)
