සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් 19 මර්දන එන්නතේ සිව්වන මාත්‍රාවක් ලබා දීමට තීරණය කර ඇති බවයි.
දිවයින පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන තුළ දී මැයි මස 09 වැනි දින සිට සිව්වැනි එන්නත් මාත්‍රාව ලබාගත හැකි බවයි ඔහු අවධාරණය කළේ.
ඔහු මේ බව සඳහන් කළේ අද (06)රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.(colombotimes.lk)


