Press "Enter" to skip to content

මුඛ ආවරණ නීති ලිහිල් කළ රටක්‌ අවදානමක බව නවතම වාර්තාවකින් හෙළිවේ

කොවිඩ්-19 වෛරසයේ, ඔමික්‍රොන් උප ප්‍රභේදය BA.2 එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ප්‍රභේදය ලෙස පවතින අතරම, නව උප ප්‍රභේදයක් එරට තුළ අඩිතාලම ලබා ගනිමින් සිටින බව එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන වල නවතම දත්ත (CDC) අනාවරණය කරනවා.

CDC විසින් ඊයේ (19) නිකුත් කරන ලද දත්තවලට අනුව, BA.2.12.1 ලෙස හැඳින්වෙන නව ප්‍රභේදය, රට තුළ සිටින නව ආසාදිතයන්ගෙන් පහෙන් එකක් පමණ ආසාදිත වී තිබනෙවා.

එම දත්ත සතියකට පෙර 11.4%ක ප්‍රතිශතයක සිට වැඩි වූ අතර සති දෙකකට 6.9%කින් වැඩි වී ඇති බවයි CDC දත්ත පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන්ගෙන් බහුතරයක්, එනම් 75%ක් පමණ තවමත් BA.2 ප්‍රභේදය ආසාදිතයන් වන අතර, එය මාර්තු අග සිට රටේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වී තිබෙනවා.

නමුත් BA.2.12.1 ප්‍රභේදය තවත් උප ප්‍රභේදයක් වූ BA.2.12 සමග එකතුව නිව්යෝක් ප්‍රාන්තයේ කොවිඩ්-19 රෝගීන්ගේ මෑත කාලීන වැඩිවීමට දායක වූ බවයි රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

එක්සත් ජනපදය දැන් දිනකට නව ආසාදන 35,000ක් පමණ වන අතර, එය පෙර සතියට වඩා 19%කින් සහ සති දෙකකට පෙර 42%කින් ඉහළ ගොස් ඇති බව CDC දත්ත පෙන්වා දෙන්වා.

මේ අතර, දෛනිකව රට පුරා නව මරණ 370ක් සහ නව රෝහල්ගතවීම් 1,400ක් පමණ වාර්තා වුණා.

සෞඛ්‍ය විශේෂඥයන් පැවසුවේ නිවෙස් ආශ්‍රිත පරීක්ෂණ ඉහළ යාමත් සමඟ නව කොවිඩ්-19 රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.
(colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »